.webp)
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා කණ්ඩායම සමග ගාල්ල ජාත්‍යන්තර පිටියේ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට පාකිස්තානය අද (20) සමත් විය.
තරගයේ පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 222 රැස් කිරීමට සමත් වූ අතර ඊට පිළිතුරු වශයෙන් පකිස්තාන කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 218 රැස් කළේ ය.
සිය දෙවැනි ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 337 ක් රැස් කළේ , සංචාරක පකිස්තාන කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 342 ක ඉලක්කයක් ලබා දෙමිනි.
පකිස්තාන කණ්ඩායම වෙනුවෙන් සාර්ථක පිතිහරඹයක නිරත වූ අබ්දුල්ලා ශෆීක් පන්දු 408 දී නොදැවී ලකුණු 160 ක් රැස් කිරීමට සමත් විය.
නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් බාබර් අසාම් ලකුණු 55 ක් රැස් කළේ ය.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දෙවෙනි ඉනිමේ දී ප්‍රභාත් ජයසූරිය කඩුලු 4ක් දවා ගත්තේ ය.
තරගය නිම වන විට පාකිස්තාන ලකුණු පුවරුව කඩුලු 6 ක් දැවී ලකුණු 344 ක් ලෙස සටහන් විය.
තරගයේ වීරයා ලෙස පකිස්තාන ආරම්භක පිතිකරු අබ්දුල්ලා ශෆීක් සම්මාන ලැබී ය.
දෙරට අතර දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය ලබන 24 වැනි දා ගාල්ලේ දීම පැවැත්වීමට නියමිතයි.