යූරියා මෙට්‍රික් ටොන් 4,000ක් බෙදා දී අවසන්

යූරියා මෙට්‍රික් ටොන් 4,000ක් බෙදා දී අවසන් - ගොවිජන සේවා දෙපාර්තමේන්තුව

by Staff Writer . 19-07-2022 | 9:20 AM

COLOMBO (News 1st) - යූරියා පොහොර මෙට්‍රික් ටොන් 4,000ක් මේ වන විට බොදා දී අවසන් කර ඇතැයි, ගොවිජන සේවා කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසයි.

ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ඒ .එම්.එම්. එල්. අබේරත්න මහතා සඳහන් කළේ, කුඹුරු අක්කරයක් සඳහා පොහොර ක්‍රිලෝගෑම් 40 ක් ලබාදෙන බවයි. පොහොර මෙට්‍රික් ටොන් හතලිස් හතර දහසක් මේ වන විට මෙරටට රැගෙනවිත් තිබේ. ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ, තවත් යූරියා පොහොර මෙට්‍රික් ටොන් 25000ක් මෙරටට රැගෙන ඒමට නියමිතව බවයි.