.webp)
සිරිල් ගාමිණි පියතුමා මේ බව පැවසුවේ, පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ සම්බන්ධයෙන් වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ සිදු කළ ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වීම සඳහා අද කැඳවා තිබූ මාධ්‍ය හමුවක් අමතමිනි. පියතුමා මාධ්‍ය හමුවේදී කියා සිටියේ, වැඩ බලන ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය හුදු රැවටීමක් පමණක් බවත් මෙය පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ටත් ඊට සාධාරණත්වයක් හා යුක්තිය අපේක්ෂා කරන සියලු දෙනාටම සිදු කරන නිග්‍රහයක් බවයි.
''ඔහු මේ මැරිච්ච මිනිස්සුන්ගේ ලේ මතින් ඒ වගේම මැරිච්ච මිනිස්සු හා ඉන් පීඩාවට පත් වෙච්ච මිනිස්සුන්ගෙ දුක වේදනාව කඳුළ මතින්, සාධාරණත්වය ඉල්ලා අරගලයක නියැළුණු කතෝලික හා අන්‍යාගාමික ජනතාවගේ මේ කරපු අරගලය මතින් ඇවිල්ලා ජනාධිපති බලය ලබා ගන්න දරන උත්සාහයක්''
ඒ අනුව තවදුරටත් මෙවැනි දේ ඔස්සේ ජනතාව රැවටීමට උත්සාහ නොකරන්නැයි, අවාධරණය කළ සිරිල් ගාමිණි අවධාරණය කර සිටියේ, ජනතාව දේශපාලකයන්ගේ වංචාකාරී රැවටිලිකාරී උත්සාහයන්ට තවදුරටත් රැවටීමට සූදානම් නොමැති බවයි.
''මෙන විදිහෙ රජයක් පත්වුණත්, මොන විදිහෙ ජනාධිපතිවරයකේ පත් වුණත් අපි පාස්තු ප්‍රහාරයට සාධාරණත්වය ලබා ගන්නට කරන අරගලය හා තවදුරටත් ඉදිරියට ගෙනියනවා. ඒක නවතින එකක් නෙවෙයි. නීතිය ඔස්සේ සාධාරණත්වය යුක්තිය ඉටුවන තුරු''