පකිස්ථානය ජයග්‍රහණයට ලකුණු 120ක් පිටුපසින්

පකිස්ථානය ජයග්‍රහණයට ලකුණු 120ක් පිටුපසින්

by Staff writer 19-07-2022 | 9:46 PM

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා - පකිස්ථාන කණ්ඩායම් අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව් වැනි දිනය අදයි.

ජයග්‍රහණය සඳහා ලකුණු 342 ක ඉලක්කයක් හඹා යන පකිස්ථාන කණ්ඩායම දිනය නිමා වන විට කඩුළු 3 ක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 222 කි.

මෙම තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ය.

අද තරගය ආරම්භ කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකාව කඩුළු 9 ක් දැවී ලකුණු 329 ක් රැස් කර ගෙන සිටියේ ය. 

ඔවුන් දෙවැනි ඉනිමට සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 337 කි. 

දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 94 යි. 

ජයග්‍රහණය සඳහා ලකුණු 342 ක ඉලක්කයක් වෙනුවෙන් පකිස්ථාන 2 වැනි ඉනිම ආරම්භ කළේ අබ්දුල්ලා ශෆීක් සහ ඉමාම් උල් හක් ය.

කඩුළු 2 ක් ලකුණු 104 කදී බිඳ වැටුණි.  

ඉමාම් උල් හක් ලකුණු 35 කට දැවී ගිය අතර අසාර් අලී ලකුණු 6කට දැවී ගියේ ය.

නායක බාබර් අසාම් ටෙස්ට් පිටියේ ලකුණු 3000 සීමාව අද පසු කළේ ය. 

අබ්දුල්ලා ශෆීක් අද වාර්තා කළේ ටෙස්ට් පිටියේ 2 වැනි ශතකයයි.

බාබර් අසාම් ලකුණු 55 කට දැවී ගියේ ය.

ප්‍රභාත් ජයසූරිය ලකුණු 89 ට කඩුළු 2 ක් දවා ගෙන සිටී. 

දිනය නිමා වනවිට අබ්දුල්ලා ශෆීක් ලකුණු 112 ක් සහ මොහොමඩ් රිස්වාන් ලකුණු 7 ක් රැස් කර ගෙන සිටියේ ය. 

තරගයේ අවසන් දිනය හෙටයි. 

පකිස්ථානය ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 120 ක් රැස් කළ යුතු ය.