.webp)
ඒ අනුව යෝජනා වූ නම් වූයේ, ඩලස් අලහප්පෙරුම, රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායකයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඩලස් අලහප්පෙරුමගේ නම ජනාධිපති ධුරය සඳහා යෝජනා කළ අතර පොදුජන පෙරමුණු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් විසින් අලහප්පෙරුම එම නම ස්ථිර කරනු ලැබිණ. දිනේෂ් ගුණවර්ධන රනිල් වික්‍රමසිංහගේ නම යෝජනා කළ අතර එය ස්ථීර කරනු ලැබුවේ, මනූෂ නානයක්කාර විසිනි. ජාතික ජන බලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක ජනාධිපති ධුර අපේක්ෂකත්වයට ඉදිරිපත් වන බව විජිත හේරත් යෝජනා කළ අතර එය ස්ථිර කරනු ලැබුවේ, හරිනි අමරසූරියයි. ඡන්ද විමසීම හෙට (20) පෙරවරු 10 .00 ට පාර්ලිමේන්තුවේදී පැවැත්වේ.