ජනපති සටනේ ශ්‍රීලනිප සහය ඩලස්ට

ජනපති සටනේ ශ්‍රීලනිප සහය ඩලස් අලහප්පෙරුමට

by Staff writer 19-07-2022 | 7:21 PM

COLOMBO (News 1st) –  අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීමේ පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඩලස් අලහප්පෙරුම මහතාට සහය පළ කිරීමට තීරණය කර ඇතැයි එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඡන්ද විමසීම හෙට(21) පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත⁣ය.