ගාලු මුවදොර ජනතා විරෝධය 102 වැනි දිනටත්

ගාලු මුවදොර ජනතා විරෝධය 102 වැනි දිනටත්

by Staff Writer . 19-07-2022 | 9:12 AM

COLOMBO (News 1st) - ගාලු මුවදොර ගෝඨාගෝ ගම අද (19) ක්‍රියාත්මක වන්නේ 102 වන දිනයටයි .

ඊයේ (18) රාත්‍රියෙත් අරගල භූමියට ජනතා පැමිණි ජනතාව පවසා සිටියේ ජනතා අභිලාසයන් ඉටුවිය යුතු පාලනයක් ස්ථාපනය විය යුතු බවයි. ඊයේ රාත්‍රියේත් අරගල භූමිය විවිධ විශේෂාංගවලින් සමන්විත විය. මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා වහා ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ඉල්ලමින් අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැත්වෙන නෝ ඩීල්ගම උපවාසය අද 5 වැනි දිනටත් ක්‍රියාත්මක වේ. අරගලකරුවෝ දෙදෙනෙක් එහි අඛණ්ඩ උපවාසයේ නිරතව සිටිති.