by Staff writer 18-07-2022 | 4:08 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින්, වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩබලන ජනාධිපතිවරයාගේ ඉල්ලා සිටින්නේ හදිසි තත්ත්වය වහාම ඉවත් කර ගන්නා ලෙසයි.
ශ්‍රී ලංකාවේ නව අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමේ ක්‍රියාවලිය සිදුවන පසුබිමක් තුළ හදිසි නීතිය භාවිත කරමින් ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති නීත්‍යනුකූල අයිතියට බලපෑම් නොකරන ලෙස ශ්‍රී ලංකා නිතිඥ සංගමය පෙන්වා දෙයි.