මාළු මිල ත් ඉහළ නගී

මාළු මිල ත් ඉහළ නගී

by Staff writer 18-07-2022 | 9:49 AM

COLOMBO (News 1st) – පෑලියගොඩ මත්ස්‍ය තොග වෙළෙඳපොළේ මත්ස්‍ය මිල ගණන් ඉහළ ගොස් තිබේ.

තලපත් කිලෝග්‍රෑමයක මිල අද(18) රුපියල් 1700 ක් දක්වා ඉහළ ගොස් තිබේ. එම වෙළෙඳපොළේ ලින්නා කිලෝ ග්‍රෑමයක් අලෙවි වන්නේ අද රුපියල් 600 ක මිලකටයි. සාලයා කිලෝග්‍රෑමයක් රුපියල් 600 ත් 700 ත් අතර මිලකට ද, ‍හුරුල්ලෝ කිලෝග්‍රෑමයක් රැපියල් 1000 ත් 1100 ත් අතර මිලකටද , බලයා කිලෝග්‍රෑමයක් රුපියල් 1000 කට අද දිනයේ අලෙවි කෙරේ. ඉස්සන් කිලෝග්‍රෑමයක් රුපියල් 1100 කටත් දැල්ලෝ රුපියල් 800 ත් 900 අතර මිලකටත් කෙලවල්ලෝ රුපියල් 1800 කටත් අද දිනයේ අලෙවි කෙරේ.