මන්ත්‍රීවරුන්ට සමාජමාධ්‍යයෙන් කරන තර්ජනගැන විමර්ශන

මන්ත්‍රීවරුන්ට තර්ජනය කර, සමාජ මාධ්‍යයේ දැන්වීම් පලකරන පුද්ගලයින් ගැන CID විමර්ශන..

by Staff writer 18-07-2022 | 6:49 AM

COLOMBO (News 1st) – පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තර්ජනය කරමින් විවිධාකාරයේ දැන්වීම් සමාජ මාධ්‍ය ජාලාවල පලකරන බව නිරීක්ෂණය වී ඇති බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ, එවැනි දැන්වීම් පලකරන පුද්ගලයින් හා ඒවා සකස් කරන , බෙදාහරින, සංසරණය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් පරිදි පොලිස් මූලස්ථානයේ අවධානය යොමුවී ඇති බවයි. එවැනි පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ක්‍රියාත්මක, පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පොලිස් මූලස්ථානය මේ වන විටත් උපදෙස් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ ය.