by Staff writer 18-07-2022 | 9:05 AM
COLOMBO (News 1st) – ඉන්ධන මිල පහළ යාමට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනයට සූදානම් බව බස් සංගම් පවසයි.
සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනයේ ලේකම් අන්ජන ප්‍රියන්ජිත් මහතා පැවසුවේ, එය ජාතික ප්‍රතිපත්තියට අනුකූලව සිදුවිය යුතුව ඇති බවයි.
බස් ගාස්තු ජාතික ප්‍රතිපත්තියෙ සඳහන් වෙලා තියෙනවා 4%ක ප්‍රතිශතයකින් ඩීසල් මිල ඉහළ හෝ පහළ ගිය හොත් අනිවාර්යයෙන්ම බස් ගාස්තු ඉහළ දැමීම හෝ පහළ දැමීම සිදු කළ යුතුයි කියලා
මේ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ, නිසි පරිදි ඉන්ධන ලැබෙන්නේ නම් බස් ගාස්තු සංශෝධනයට සූදානම් බවයි.
ඊයේ රාත්‍රී 10 සිට බලපැවැත්වෙන පරිදි සිපෙට්කෝ හා IOC ඉන්ධන මිල ගණන් පහළ දමා තිබේ.
ඒ අනුව රුපියල් 470 ක් ලෙස පැවැති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින් පහළ දැමුනු අතර, එහි නව මිල රුපියල් 450 කි.
රුපියල් 550 ක් ලෙස පැවැති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10 කින් පහල දැමුණු අතර, නව මිල රුපියල් 540 ක් වේ.
රුපියල් 460 ක් ලෙස පැවැති සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 20 කින් පහළ දැමුණු අතර, නව මිල රුපියල් 440 කි.
සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 520 ක් ලෙස පැවති අතර එහි නව මිල රුපියල් 510 ක් ලෙස සටහන් වේ.
සුපිරි ඩීසල් ලිටරයක මිල පහත දමා ඇත්තේ රුපියල් 10 කිනි.