චන්දිමාල්‌ගෙන් හා කුසල්ගෙන අර්ධ ශතක

චන්දිමාල්‌ගෙන් හා කුසල්ගෙන අර්ධ ශතක

by Staff Writer . 18-07-2022 | 5:05 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (18) තුන්වෙනි දිනටත් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විය.

අද තරගය නතර කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 329 කි. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව රැස් කළ ලකුණු 222ට පිළිතුරු ලෙස සංචාරක පකිස්ථානය ලකුණු 218ක් රැස් කිරීමට සමත් විය. ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වෙනුවෙන් ඕෂධ ප්‍රනාන්දු ලකුණු 64යි. කුසල් මෙන්ඩිස් ලකුණු 76ක් රැස් කළ අතර ඔහුගේ ඉනිමට 4 පහර 9ක් ඇතුළත් විය. ධනංජය ද සිල්වා ලකුණු 20යි. දිනේෂ් චන්දිමාල් සහ රමේෂ් මෙන්ඩිස් අතර 8වැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 32 කි. පළමු ඉනිමේදී ලකුණු 76ක් රැස් කළ චන්දිමාල් ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේදීද අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත් විය. අද තරගය නතර කරන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටියේ ලකුණු 86ක් ලැබූ චන්දිමාල් සහ ප්‍රභාත් ජයසූරිය යි. මොහොමඩ් නවාස් කඩුලු 5යි.