by Staff writer 18-07-2022 | 6:42 AM
ඉන්දීය ණය වැඩපිළිවෙළ යටතේ ලැබෙන දෙවන පොහොර තොගය සහිත නැව ඉදිරි සති දෙක තුළ මෙරටට ළඟා වීමට නියමිතව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
ඊට පොහොර මෙට්‍රික් ටොන් 21,000 ක් ඇතුළත් ය.
ඉන්දීය ණය වැඩපිළිවෙළක් යටතේ ලැබුන පොහොර මෙට්‍රික් ටොන් 65,000න්, 44,000 ක පළමු තොගය රැගත් නැව පසුගිය සතියේ මෙරට පැමිණියේ ය.
අදාළ පොහොර තොගය මේ වනවිට ගොවීන් වෙත බෙදාහරිනු ලබන්නේ ලංකා පොහොර සමාගම සහ කොමර්ෂල් පොහොර සමාගම විසින් ය.
එම පොහොර බෙදා හැරීමේදී ඉන්ධන අර්බුදය ගැටලුවක්ව පැවැති අතර ඒ සඳහා අවශ්‍ය කරන ඉන්ධන ලබාගැනීම අවශ්‍ය මුදල් අද දිනයේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව වෙත ලබා දීමට නියමිතව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ ය.