ඇණවුම් කළ ඉන්ධන ලැබීමේ ප්‍රමාදයක්

ඇණවුම් කළ ඉන්ධන ලැබීමේ ප්‍රමාදයක් - ලංගම

by Staff writer 18-07-2022 | 6:47 AM

COLOMBO (News 1st) –  ඇතැම් ඩීපෝවලට ඇණවුම් කළ ඉන්ධන ලැබීමේ ප්‍රමාදයක් පවතින බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පණ්ඩුක ස්වර්ණහංස මහතා පැවසුවේ ,හෙට දිනයෙත් ප්‍රමාදයක් තොරව ඉන්ධන නොලැබුණහොත් ලංගම බස් රථ ධාවනය අඩුවිය හැකි බවයි. මේ අතර , ඉන්ධන නිසි පරිදි නොලැබීම හේතුවෙන් අද දිනයෙත් පෞද්ගලික බස් රථ ධාවනය සීමාවන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ , අද දිනයේ ප්‍රමාණවත් පරිදි ඉන්ධන ලැබුණහොත් හෙට දිනයේ වැඩි බස් සංඛ්‍යාවක් ධාවනය කිරීමට පියවර ගන්නා බවයි. අද දිනයේ සාමාන්‍ය පරිදි දුම්රිය සේවා ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ ය.