අද හෝ හෙට පෙට්‍රල් නෞකාවක් දිවයිනට...

අද හෝ හෙට පෙට්‍රල් නෞකාවක් දිවයිනට...

by Staff writer 18-07-2022 | 7:32 AM

COLOMBO (News 1st) – අද(18) හෝ හෙට(19)පෙට්‍රල් රැගත් නෞකාවක් දිවයිනට ළඟා වීමට නියමිතව තිබේ.

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ පැවසුවේ, මෙම සියලු ඉන්ධන නෞකා සදහා මුදල් ගෙවා අවසන් බවයි. ජාතික ඉන්ධන අවසරපත සඳහා ලියාපදිංචි වූ පුද්ගලයින් සංඛ්‍යාව මේ වන විට දස ලක්ෂය ඉක්මවා ඇති අතර එහි ලියාපදිංචිය අවසන් වනතුරු නව තෙල් තොග බෙදාහැරීමේ කටයුතු සිදුවන්නේ නැහැ. මේ අතර , වාහන වැඩි ප්‍රමාණයක් ධාවනය කරන ව්‍යාපාරික ආයතන සඳහා වාහන ලියාපදිංචි කිරීමට වෙනම ක්‍රමවේදයක් ලබාදීමට බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබේ. ට්විටර් සටහනක් තබමින් විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරන්නේ , මෙම ක්‍රමවේදය යටතේ සියලුම වාහන ව්‍යාපාර ලියාපදිංචි අංක සමග කිරීමට නියමිත බවයි. එම ව්‍යාපාර ආයතන සඳහා අදාල සහනය ලබාදීමට ජාතික ඉන්ධන බලපත්‍රය ඉදිරි දින කිහිපය තුළ වැඩිදුයුණු කරන බවද අමාත්‍යවරයා එහි සඳහන් කර තිබේ. එහිදී අදාල වාහන සඳහා විශේෂ QR තේකයක්ද ලබාදෙන බව ට්විටර් පණිඩිවයේ සඳහන් ය. මේ අතර, ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා පැවසුවේ, සිපෙට්කෝ ඉන්ධන ප්‍රවාහනය අද දිනයෙත් සිදුනොවන අතර අයි.ඕ.සී සමාගමේ ඉන්ධන ප්‍රවාහනය සඳහා ටැකි රථ යොදවා ඇති බවයි.