by Staff writer 17-07-2022 | 4:22 PM
COLOMBO (News 1st) – වන අලියෙකු පහරදීමෙන් දර්ශනපුර, මැදිරිගිරිය ප්‍රදේශයේ 67 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
වන අලි ප්‍රහාරය සිදුව ඇත්තේ නිවස ඉදිරිපිටදී ය.
අප වාර්තාකරු සඳහන් කළේ, මෙම ප්‍රදේශයේ වන අලි ප්‍රහාරවලින් පුද්ගලයින් 10 දෙනෙකුට පමණ ජීවිත අහිමි වී ඇති බවය.
සෝමාවතිය සහ කවුඩුල්ල ජාතික වනෝද්‍යානවල සිටින වනඅලි රංචු පිටින් ගම්මාන කරා පැමිණෙන බව ප්‍රදේශවාසින් පවසයි.
ඔවුන් සඳහන් කළේ, මේ පිළිබඳව වනජීවි නිලධාරින්ට දැනුම් දුන්නත්, ඉන්ධන නෙමැති බව පවසමින් වනජීවි නිලධාරීන් නොපැමිණෙන බවයි.