by Staff Writer . 17-07-2022 | 10:02 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා මහ බැංකුව සහ භාණ්ඩාගාර නිලධාරීන් සමග ජපානය ඊයේ (16) ඉහළ මට්ටමේ සාකච්ඡාවක් පවත්වා තිබේ.
ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ, නිරිතදිග සහ අග්නිදිග ආසියානු කටයුතු අංශයේ සහකාර අමාත්‍ය ,Kano Takehiro ප්‍රමුඛ ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් සමග විදේශ කටයුතු ලේකම්,අරුණි විජේවර්ධන මහත්මිය මෙම සාකච්ඡාවට සහභාගී වී තිබේ.
ශ්‍රී ලංකා දූත පිරිසට ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන සහ විදේශ කටයුතු, ආරක්ෂක සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළත් වී ඇත.