by Staff writer 17-07-2022 | 10:42 AM
COLOMBO (News 1st) - ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක් රැගත් තවත් නෞකාවක් ඊයේ (16) රාත්‍රියේ දිවයිනට ළඟා වී තිබේ.
ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය පැවසුවේ, අදාල නෞකාවේ ඩීසල් ගොඩබෑම මේ වනවිට ආරම්භ කර ඇති බවය.
කෙසේ වෙතත් ජාතික ඉන්ධන අවසරපත සඳහා ලියාපදිංචිය අවසන් වනතුරු නව තෙල් තොග බෙදාහැරීමේ කටයුතු සිදු වන්නේ නැත.
ඊයේ දිනයේ ද තවත් ඩීසල් නෞකාවක් මෙරටට ළගා වූ අතර එහි තොග ගොඩබෑමේ කටයුතු ද ආරම්භ කර තිබේ.
මේ අතර බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ පැවසුවේ, පෙට්‍රල් රැගත් නෞකාවක් ලබන 18 හෝ 19 යන දිනවල දිවයිනට ළඟා වනු ඇති බවය.
මෙම සියලු ඉන්ධන නෞකා සඳහා මුදල් ගෙවා අවසන් බව බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේ ය.