ජී. එල්. පීරිස්ගේ ලිපියට කඩිනමින් පිළිතුරු සපයනවා

ජී. එල්. පීරිස්ගේ ලිපියට කඩිනමින් පිළිතුරු සපයනවා - පොහොට්ටුවේ ලේකම් සාගර කාරියවසම්

by Staff writer 17-07-2022 | 11:54 AM

COLOMBO (News 1st) - ජනාධිපති ධුරයට පත්වීම සඳහා වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබාදීමට සිය පක්ෂය ගත් තීරණය සම්බන්ධයෙන් කරුණු විමසා පක්ෂ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා යොමු කළ ලිපියට කඩිනමින් පිළිතුරු ලිපියක් යොමු කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

නිව්ස්ෆස්ට් කළ විමසීමකදී පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා පැවසුවේ, සිය පක්ෂය ගත් තීරණයේ මෙතෙක් කිසිදු වෙනසක් සිදුව නොමැති බවයි. රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්විය යුතු බව සිය පක්ෂයේ බහුතර මතය බව පක්ෂ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා කියා සිටියේ ය.