කුඩා දරුවන් අතර වෛරස් උණ රෝගයක්

කුඩා දරුවන් අතර වෛරස් උණ රෝගයක් - සෞඛ්‍ය අංශ

by Staff writer 17-07-2022 | 1:31 PM

COLOMBO (News 1st) - මේ දිනවල කුඩා ළමුන් අතර වෛරස් උණ රෝගයක් පැතිර යන බව සෞඛ්‍ය අංශ පවසයි.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය මහතා සඳහන් කළේ, ඊට අමතරව ඩෙංගු රෝගීන් වාර්තාවීම ද ඉහළ ගොස් ඇති බවයි. උගුරේ වේදනාව, උණ, කැස්ස, හෙම්බිරිස්සාව වැනි රෝග ලක්ෂණ පවතී නම් වහාම වෛද්‍යවරයෙක් හමුවන ලෙස විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවසීය.