රනිල් ගැන විමසා ජී.එල්ගෙන් සාගරට සැර ලිපියක්..

රනිල්ට සහය දෙන්න තීරණය කළේ කවුද? - ජී.එල්.පීරිස්ගෙන් පොහොට්ටුවේ ලේකම් සාගර කාරියවසම්ට ලිපියක්

by Staff writer 16-07-2022 | 2:21 PM
  රනිල් ගැන විමසා ජී.එල්ගෙන් සාගරට සැර ලිපියක්.. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතාට ලිපියක් යොමු කර තිබේ. එම ලිපියේ සඳහන් කර ඇත්තේ, ජනාධිපති ධුරය සදහා වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අපේක්ෂකත්වය ලබාදීමට සහාය දැක්වීම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇති බවට ඊයේ පළ වූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ය. මේ පිළිබඳව තමා විමතියට පත් වූ බව ද පීරිස් මහතා සඳහන් කර තිබේ ජී. එල්. පිරිස් මහතා එම ලිපියෙන් සාගර කාරියවසම් මහතාගෙන් කරුණු 6 ක් පිළිබඳ විමසා තිබේ. ඒවා මෙසේය. 01.මෙම තීරණය ගනු ලැබුවේ කුමන අධිකාරිය යටතේද? 02.මෙම තීරණය ගැනීම සඳහා සහභාගී වූ බව කියන පුද්ගලයින්ගේ නම්? 03.එම පුද්ගලයින් තෝරා ගැනීමේ පදනම කවරේද? 04.අපේක්ෂිත රැස්වීමේ ස්ථානය, දිනය සහ වේලාව? 05.දැනුම් දීමේ දිනය සහ වේලාව ඇතුළු කැඳවන දැන්වීමට අදාළ තොරතුරු? 06.මෙම තීරණය ගෙන ඇත්තේ කුමන පදනමක් යටතේ ද ? මෙම කරුණු පිළිබඳව ඉතා ඉක්මණින් පිළිතුරක් ලැබීමට තමාට අයිතියක් ඇතැයි ද ජී.එල්. පීරිස් මහතා එම ලිපියෙන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.