දිය නෑමට ගොස් අතුරුදන් වූ දරුවාගේ සිරුර හමුවෙයි

දඹුල්ලේදී දිය නෑමට ගොස් අතුරුදන් වූ දරුවාගේ සිරුර හමුවෙයි

by Staff writer 16-07-2022 | 5:28 PM

COLOMBO (News 1st) - දඹුල්ල, කණ්ඩලම, කුඹුක්කදන්වල, දුන්න බිඳුනු වැවට දිය නෑමට ගොස් අතුරුදන් වූ කුඩා දරුවාගේ සිරුර අද (16) දහවල් සොයාගෙන තිබේ.

සීගිරිය පොලීසිය, ත්‍රිකුණාමලය නාවික හමුදා කිමිදුම් නිලධාරීන් ප්‍රදේශවාසීන් එක්ව අද උදෑසන සිට දරුවා සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කළේ ය. අද දහවල් වනවිට කණ්ඩලම, කුඹුක්කඳන්වල, දුන්න බිඳුනු වැවේ පාවෙමින් තිබියදී දරුවාගේ සිරුර ගොඩ ගැනිණි. 7 හැවිරිදි චනුත් සත්සර ඊයේ පස්වරුවේ කණ්ඩලම කුඹුක්කඳන්වල දුන්න බිඳුනු වැවට දිය නෑමට යෑමේදී මෙම අනතුරුව මුහුණ දුන්නේ ය.