තෙල් ගන්න අද සිට ඇමති කංචනගෙන් ඇප් එකක්

තෙල් ගන්න අද සිට ඇමති කංචනගෙන් ඇප් එකක්

by Staff Writer . 16-07-2022 | 9:04 PM

COLOMBO (News 1st) - ඉන්ධන ලබා ගැනීමට ජනතාව ලියාපදිංචි කිරීමේ නව වැඩපිළිවෙළ අද (16) කොළඹදී ක්‍රියාවට නැංවිය.

මෙය නම් කර තිබුණේ, ජාතික ඉන්ධන අවසරපත ජනගත කිරීම ලෙසයි. ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන්ම වූ නව වෙඩ් අඩවිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර , ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති මොහොමඩ් උවයිස් මොහාමඩ්, තොරතුරු සහ සංනිවේදන තාක්ෂණ ඒජන්සියේ සභාපති ජයන්තද සිල්වා , ලංකා අයිඕසී සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. මෙම වැඩ සටහනට සහභාගී වෙමින් අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ, ෆුවෙල් පාස් ඩොට් ජීඕවී ඩොට් එල් කේ වෙබ් අඩවිය හරහා උනෑම පුරවැසියෙකුට තම ජාතික හැදුනුම්පත් අංකය හෝ ගුවන් ගමන් බලපත්‍ර අංකය හෝ ව්‍යාපාර ලියාපදිංචි අංකය හෝ භාවිතා කරමින් මේ සඳහා ලියාපදිංචි විය හැකි බවයි. ලියාපදිංචි වූ පුද්ලයෙකු හට ලැබෙන කිව් ආර් කෝඩ් එක (කේතය) අදාළ පුද්ලයාට ඉන්ධන බලා ගැනීමට හිමිවන අවසර පත්‍රය බව අමාත්‍යවරයා සඳහන් කළේය. ඒක ජාතික හැදුනුම්පත් අංකයක් සඳහා හෝ ගුවන් ගමන් බලපත්‍ර අංකයක් සඳහා හෝ ව්‍යාපාර ලියාපදිංචි අංකයක් සඳහා ලියාපදිංචි කළ හැක්කේ එක් වාහනයක් පමණක් වේ. මෙම ක්‍රමය හරහා ඒක පුද්ගලයෙකුට එක් කිව් ආර් කෝඩ් එකක් මගින් වාහන කිහිපයක් ඉන්ධන ලබා ගැනීමට නොහැකි වන බව ජාතික ඉන්ධන අවසරපත ජනගත කිරීමේ වැඩසටහනට එක් වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය.