by Staff writer 16-07-2022 | 11:11 AM
COLOMBO (News 1st) – ඩීසල් මෙට්‍රික් ටොන් 43,000ක් රැගත් නෞකාවක් අද(16) අලුයම දිවයිනට ළඟා වූ බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යාංශය පැවසුවේ, මේ වනවිට එහි සාම්පල පරීක්ෂාවන් සිදුකරමින් පවතින බවයි.
තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක් රැගත් නෞකාවක් අද(16) රාත්‍රියේ දිවයිනට ළඟාවීමට නියමිත බව ද විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ ය.
මේ අතර , ඉන්ධන පිරවුම්හල් අසල විරෝධතා, නොසන්සුන්තා වර්ධනය වෙමින් මේ වනවිට පෝලිම් තවත් දිගු වෙමින් පවතී.