by Staff writer 16-07-2022 | 12:13 PM
COLOMBO (News 1st) – ජාතික ඉන්ධන බලපත්‍රයක් හඳුන්වාදීමට පියවර ගෙන ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.
අමාත්‍යවරයා පැවසුවේ, ඒ යටතේ සතියකට අවශ්‍ය ඉන්ධන සලාක ක්‍රමයක් යටතේ ලබාදෙන බවය.
ජාතික හැඳුනුම්පත, චැසි අංකය හා විස්තර සත්‍යාපනය කළ QR කේතයක් ද නව බලපත්‍රයට ඇතුළත් කර තිබේ.
ඒ අනුව, එක් හැඳුනුම්පතක් යටතේ ජාතික ඉන්ධන බලපත්‍රය ලබාගත හැකි වන්නේ, එක් වාහනයකට පමණක් බව ද බලශක්ති අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන් ය.