ජනපති සටනට සජිත්ගේ නම ඒකමතිකව සම්මත කෙරේ

ජනපති සටනට සජිත්ගේ නම සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය ඒකමතිකව සම්මත කෙරේ

by Staff writer 16-07-2022 | 5:05 PM

COLOMBO (News 1st) - සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම විසින් අනුප්‍රාප්තික ජනාධිපති ධුරය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නම ඒකමතිකව සම්මත කිරීම අද (16) සිදු කෙරිණි.

ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදීය.