ජනපතිගේ ඉවත් වීම නිල වශයෙන් නිවේදනය කෙරේ..

ගෝඨාභය රාජපක්ෂ ජනපති ධුරයෙන් ඉවත් වීම පාර්ලිමේන්තුවට නිල වශයෙන් නිවේදනය කෙරේ..

by Staff writer 16-07-2022 | 11:11 AM

COLOMBO (News 1st) – ජනපතිවරයාගේ ඉල්ලා අස්වීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම අද (16)පාර්ලිමේන්තුවේදී සිදු කෙරිණි.

නව ජනාධිපතිවරයෙකු තෝරාපත් කරගැනීම සඳහා නාම යෝජනා භාර ගැනීම ලබන 19 වැනිදා උදෑසන සිදුකෙරෙන අතර ජනාධිපතිවරයා පත්කර ගැනීමට ලබන 20 වැනිදා සිදු කෙරෙන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේ ය.