by Staff writer 16-07-2022 | 2:41 PM
COLOMBO (News 1st) – අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් පත් කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ පැවැත්වෙන ඡන්ද විමසීම පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය එම පක්ෂයේ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පැහැදිලි කරනු ලැබ තිබේ.
ඒ, අද පැවති මාධ්‍ය හමුවකදීය.
ඉදිරිපත් වන සියලු අපේක්ෂයින් රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන සිය වැඩපිළිවෙළ ගැන ස්ථීර ප්‍රකාශයක් ලබා දිය යුතු බව මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී කියා සිටියේය.
එසේ ඔවුන් වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්නේ නැත්නම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය ඡන්දය දීමෙන් වැළකී සිටින බව මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරට් සඳහන් කළේය.