by Staff Writer . 15-07-2022 | 4:35 PM
COLOMBO (News 1st) – හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ට ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසරයකින් තොරව විදෙස්ගත වීම තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) නියෝගයක් නිකුත් කළේ ය.
එම නියෝගය 28 වැනිදා තෙක් බලාත්මක වනු ඇති.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන , විජිත් මලල්ගොඩ සහ එල්. ටි. බි. දෙහිදෙණිය යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අදාළ මෝසම සලකා බැලිමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරිණ.