by Sagarika Chathumali 15-07-2022 | 3:49 PM
COLOMBO (News 1st) – ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමේන් පුරප්පාඩු වී ඇති විධායක ජනාධිපති ධුරයට තරග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් මන්ත්‍රීවරයා පවසන්නේ, ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නොමද සහය අපේක්ෂා කරන බවයි.
නීතියේ ආධිපත්‍යය හා ජාතීන් අතර එකඟතාව සුරකිමින් මාතෘ භූමිය ආර්ථික සමෘද්ධිය කරා රැගෙන යාමට කළ හැකි, කළ යුතු යුතුකම් හා කැපකිරීම් සඳහා එක සිතින් කැපවන බව වගකීමෙන් ප්‍රකාශ කර සිටින බව ද ඔහු නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.