නව ජනාධිපතිවරයෙකු තෝරා ගැනීම 20 වැනිදා... කතානායක දැනුම්දෙයි

by Staff writer 15-07-2022 | 12:14 PM

COLOMBO (News 1st) –  ජනාධිපති ධුරයේ පුරප්පාඩුවක් පවතින බව හෙට (16) පෙරවරු 10.00ට පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමේදී නිවේදනය කරන බව අද (15) පැවති පක්ෂ නායක රැස්විමේදි කතානායකවරයා දනුම් දී තිබේ.

කතානායක මහන්ද යාපා අබේවර්ධන මහතා එහිදී දැනුම් දී ඇත්තේ පෙර තීරණය කළ පරිදි නාම යෝජනා කැඳවීම ලබන 19 වැනිදාත්, නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවෙන් තෝරා පත් කර ගැනීම ලබන 20 වැනිදා සිදුකිරීමට ත් සැලසුම් කර ඇති බවයි. 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතේ 40වන වගන්තිය ප්‍රකාරව ජනාධිපති ධුරයේ පුරප්පාඩු වී දින තුනක් ඇතුළත පාර්ලිමේන්තුව කැඳවිය යුතු වේ.