ජනපති සටනේදී සහය දිය යුත්තේ ඩලස්ට

ජනපති සටනේදී සහය දිය යුත්තේ රනිල්ට නොව පොහොට්ටුවේ අපේක්ෂකයා ඩලස්ටයි - ජී.එල්. පීරිස්

by Staff Writer . 15-07-2022 | 10:31 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලකා පොදුජන පෙරමුණු මහ ලේකම්වරයා ජනාධිපති ධුරයට තරග වදින පක්ෂයේ අපේක්ෂකයාට සහය නොදක්වා රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දක්වන බව කියද්දී පොහොට්ටුවේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා දරන්නේ ඊට හාත්පසින්ම වෙනස් ස්ථාවරයකි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇති බැවින් සහය දිය යුත්තේ එම පක්ෂයේ අපේක්ෂකයාට මිස පිටස්තර අපේක්ෂකයෙකුට නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ මතයයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් සිටින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බැවින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයාට ජයග්‍රහණය කළ හැකි බවය. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම තමන් ලබන 20 වැනිදා ජනාධිපතිවරණයට තරග කරන බව දැනටමත් ප්‍රකාශ කර ඇති බවත් ඔහු ඉතා සුදුසු අපේක්ෂකයෙකු බවත් ජී.එල්. පීරිස් වැඩිදුරටත් සඳහන් කර තිබේ.