ජනපති ගෝඨාභය සිංගප්පූරුවට

ජනපති ගෝඨාභය රැගත් යානය සිංගප්පූරුවට ගොඩ බසී - විදෙස් මාධ්‍ය

by Staff writer 14-07-2022 | 5:44 PM

COLOMBO (News 1st) –  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවට ළඟාවී ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රැගත් ගුවන් යානය මීට ටික වේලාවකට පෙර සිංගප්පූරුවට ගොඩබැස්ස වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ එෆ් පී පුවත් සේවය මේ පිළිබඳ වාර්තා කළේ, එරට සිටින සිය වාර්තාකරු උපුටා දක්වමිනි. ජනාධිපතිවරයා සමග සිය බිරිඳ වන අයෝමා රාජපක්ෂ මහත්මිය මෙම ගුවන් යානයෙන් සිංගප්පුරුවට ළඟා වී තිබේ. ගුවන් හමුදා යානයකින් මාලදිවයිනට ගිය ජනාධිපතිවරයා අද (14) දහවල් සිංගප්පූරුව බලා ගමන් ආරම්භ කර තිබිණ.