by Chathurika Jayasundara 14-07-2022 | 2:45 PM
COLOMBO (News 1st); ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා පිටත්ව ගිය බව CNN ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි.
මේ අතර , මාලදිවයින් නිලධාරින් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයිනේ සිට සිංගප්පූරුව හරහා සෞදි අරාබියේ ජෙඩා නුවර දක්වා ගමන් කරමින් ඇති බවයි.