ජනපති ගෝඨාභයගේ ඉල්ලා අස්වීමේ ලිපියක් කතානායකට

ජනපති ගෝඨාභයගේ ඉල්ලා අස්වීමේ ලිපියක් කතානායකට ලැබෙයි - කතානායක කාර්යාලය

by Sagarika Chathumali 14-07-2022 | 9:23 PM

COLOMBO (News 1st) –ශ්‍රී ලංකාවේ සිංගප්පූරු තානාපති කාර්යාලය හරහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමේ ලිපියක් කතානායකවරයා වෙත ලැබී ඇතැයි, කතානායක කාර්යාලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් කතානායක කාර්යාලය පවසන්නේ, මෙහි නිර්වද්‍යතාවය පිළිබඳ නැවත පරීක්ෂා කිරීමෙන් අනතුරුව සහ සියලු නීතිමය කටයුතු අවසන් කිරීමෙන් පසු මේ සම්බන්ධ නිල නිවේදනය කතානායකවරයා විසින් හෙට දවස ඇතුළත නිල වශයෙන් ප්‍රකාශ කරනු ඇති බවයි.