ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටින් පිටව යයි - විදෙස් මාධ්‍ය

by Staff writer 13-07-2022 | 6:18 AM

COLOMBO (News 1st) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මාලදිවයිනේ මාලේ අගනුවරට පිටත්ව ගොස් තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මාලදිවයිනේ මාලේ අගනුවරට පිටත්ව ගොස් ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද අලුයම 1.45 ට පමණ ගුවන් හමුදාවට අයත් ඇන්ටනෝව් 32 වර්ගයේ ගුවන් යානයකින් එලෙස රටින් පිටව ගොස් ඇති බවයි. ජනාධිපතිවරයා සමග ඔහුගේ බිරිඳ සහ ආරක්ෂක නිලධාරියෙකු ද එලෙස රටින් පිටත්ව ගොස් ඇති බව විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන් ය. BBC පුවත් සේවය වාර්තා කරන්නේ අලුයම 3.00 පමණ වන විට ජනාධිපතිවරයා ඇතුළු පිරිස රැගත් යානය මාලේ අගනුවරට ළඟා වී ඇති බවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය 9 වනදා කතානායකවරයාට දැනුම් දී තිබුණේ අද (13) දිනයේ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.