by Staff writer 13-07-2022 | 10:55 PM
COLOMBO (News 1st); ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයිනට පලා යාමෙන් පසුව සිංගප්පූරුව බලා යාමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා රජයේ මූලාශ්‍රයක් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය අද (13) පස්වරුවේ වාර්තා කළේ ය.
සංවේදිතාව සැලකිල්ලට ගෙන හඳුනා ගැනීම ප්‍රතික්ෂේප කළ එම මූලාශ්‍රය ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවට පැමිණීමෙන් පසුව ඉල්ලා අස්වීම කථානායකවරයා වෙත යැවිය හැකි යැයි ප්‍රකාශ කළ බව ද රොයිටර් පුවත් සේවය සඳහන් කළේ ය.