English
தமிழ்
කර්තෘ Sagarika Chathumali
13 Jul, 2022 | 9:37 am
මේ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව අද (13) උදෑසන නිවේදනය කළේ, පවතින රජයේ ඉල්ලීමට අනුව ජනාධිපතිවරයාට සිය බිරිඳ හා ආරක්ෂකයින් දෙදෙනෙකු සමග කටුනායක සිට මාලදිවයින බලා පිටත්ව යාමට ගුවන් හමුදාවේ යානයක් අද (13) අලුයම ලබා දුන් බවයි.
ගුවන් හමුදා මූලස්ථානය නිකුත් කළ අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වූයේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධායක ජනාධිපතිවරයෙකුට හිමි බලතල ප්‍රකාරව පවතින රජයේ ඉල්ලීමට අනුව, ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතියට යටත්ව ගුවන්තොටුපොළ ආගමන විගමන, රේගු හා අනෙකුත් සියලුම නීතිවලට යටත්ව ජනාධිපතිවරයා, බිරිඳ සහ ආරක්ෂකයින් දෙදෙනකුට මාලදිවයින බලා පිටත්ව යාමට අදාළ ගුවන් හමුදා යානය ලබා දුන් බවයි.
මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගුවන් හමුදාවට අයත් ඇන්ටනෝව් 32 වර්ගයේ ගුවන් යානයකින් මාලදිවයිනේ මාලේ අගනුවරට පිටත්ව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ, අද උදෑසනයි.
අද අලුයම 1.45 ට පමණ රටින් පිටව ගොස් ඇති ජනාධිපතිවරයා ඇතුළු පිරිස රැගත් යානය අලුයම 3.00 පමණ වන විට යානය මාලේ අගනුවරට ළඟා වී ඇති බව ද අදාළ විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්ව තිබිණ.
07 Jun, 2023 | 06:42 AM
07 Jun, 2023 | 05:42 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS