by Staff Writer . 12-07-2022 | 10:40 PM
COLOMBO (News 1st) - වත්මන් අගමැතිවරයා යම් හෙයකින් වැඩ බලන ජනාධිපති ධුරයට පත්වුවහොත් එය ජනතා අරමුණුවලට පටහැනි තත්ත්වයක් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ, රට භාර ගැනීමට මේ වන විට තරගයක් නිර්මාණය වී ඇති බවයි.
රජයක් ලෙස ගන්නාවූ දේශපාලන ආර්ථික හා සමාජ ක්‍රියාදාමයකට සම්බන්ධයෙන් අරගලකරුවන් සමග සාකච්ඡා කොට තීරණය කිරීම වැදගත් බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ ය.
මේ කටයුතු ප්‍රමාද වණ හොත් දවසින් දවස රට බරපතළ තත්ත්වයකට ඇද වැටීමට හැකි බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් එම මහතා සඳහන් කළේ ය.