රටින් පිටවෙන්න කටුනායකට පැමිණි බැසිල් යළි හැරී යයි

by Staff writer 12-07-2022 | 8:21 AM

COLOMBO (News 1st);  විදෙස්ගතවීම සඳහා කටුනායක ගුවන් තොටුපළට පැමිණි හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විරෝධතා හමුවේ යළි හැරී ගොස් තිබේ.

ඔහු පැමිණිමත් සමග ගුවන් මගීන් විශාල පිරිසක් විරෝධතාවයේ නිරතව ඇතැයි, වාර්තා වේ. මේ අතර කටුනායක ගුවන් තොටුපළේ ආගමන විගමන නිලධාරින් සේද මාවත, මගී නිශ්කාශන කටයුතුවලින් ඉවත්ව සිටී. ශ්‍රී ලංකා ආගමන විගමන නිලධාරින්ගේ සංගමයේ සභාපති කේ.ඒ.ඒ.එස්. කණුගල මහතා පැවසුවේ, චෝදනාවට ලක් වූ හිටපු දේශපාලන ප්‍රභූවරුන් විශාල වශයෙන් රටින් පිටවීමට මෙම සේද මාවත නිශ්කාශන පර්යන්තය භාවිත කිරීමට ඉඩකඩ ඇති නිසා තමන් මෙම පියවර ගත් බවයි.