මෝටර් රථ දෙපාර්තමේන්තුව සිකුරාදා දිනවල වැසේ

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සිකුරාදා දිනවල වැසේ

by Sagarika Chathumali 12-07-2022 | 4:27 PM
  මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ලබන සිකුරාදායින් (15) පසු නැවත දැනුම් දෙන තුරු සිකුරාදා දිනවල විවෘත නොකිරීමට තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඉන්ධන අර්බුදය හමුවේ නිලධාරීන්ට ප්‍රවාහන සේවා සපයා ගැනීමට නොහැකිවී ඇති බවයි. කෙසේ වෙතත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ජුලි 15 වන සිකුරාදා විවෘත කර තැබෙනු ඇති. සතියේ වැඩ කරන දින 5 තුළට සිකුරාදා දිනය නොවන රජයේ නිවාඩු දිනයක් යෙදුණ හොත් හැර සිකුරාදා දිනවල දෙපාර්තමේන්තුව විවෘත කර නොතැබෙනු ඇති. මේ අතර දෙපාර්තමේන්තු සේවාවන් පිළිබඳ යම් පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය වන්නේ, නම් කාර්යාලීය රාජකාරී දිනවල පෙ.ව 9.00 සිට ප.ව 4.00 දක්වා පහත දුරකථන අංක අමතන ලෙස ද එම දෙපාර්තමේන්තුව දැනුම්දී සිටී. වාහන ලියාපදිංචි කිරීම් සහ පැවරීම් සඳහා - 070 7 677 877 රියදුරු බලපත්‍ර සඳහා - 070 7 677 977 මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී සිටින්නේ, කාර්යාලිය රාජකාරී වෙලාවෙන් පසුව WhatsApp/Viber/SMS පණිවිඩයක් මගින් ඉහත අංකවලටම ලබා දෙන ලෙසයි.