by Staff writer 12-07-2022 | 3:12 PM
COLOMBO (News 1st); අද (12) මධ්‍යම රාත්‍රී සිට පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දමා තිබේ.
ඒ අනුව අද ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 190 දක්වා රුපියල් 20කින් ඉහළ යනු ඇති.
සෙසු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10කින් ඉහළ දමන බව බේකරි හිමියන්ගේ සංගමය පවසයි.