by Staff Writer . 12-07-2022 | 10:32 PM
COLOMBO (News 1st) - පොලිස් විශේෂ කාර්යය බලකාය හා පොලිසියේ නිලධාරීන් නිව්ස් ෆස්ට් මාධ්‍යවේදීන්ට කෲර ලෙස පහරදී අදට දින 4 කි.
නිව්ස් ෆස්ට් කළ අනාවරණයෙන් පසුව , කැමරාව පමණක් අතැතිව ගිය නිරායුද මාධ්‍යවේදීන් කණ්ඩායමට මේ ම්ලේච්ඡ ප්‍රහාරය එල්ල කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකායට අණ දුන් ,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොමේෂ් ලියනගේ නමැත්තාගේ වැඩ තහනම් කිරීමට පියවර ගැනිණ.
එහෙත් මෙම ම්ලේච්ඡ ප්‍රහාරය සිදුවන අවස්ථාවේ දී සිවිල් ඇඳුමින් සැරසී පසෙක සිටි, අගමැති ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිසාම් ජමාල්ඩීන් නමැත්තා සම්න්ධයෙන් ගත් ක්‍රියාමාර්ගය කුමක්ද?
මෙම නිලධාරියාගේ නියෝගකින් තොරව මාධ්‍යවේදීන් සොය සොයා පසුපස පන්නමින් පහරදිය හැකි ද?
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිසාම් ජමාල්ඩීන් මෙන්ම මාධ්‍යවේදීන්ට පහරදුන් සෙසු නිලධාරීන් සම්බන්ධයෙන්ද ක්‍රියාමාර්ග ගන්නේ කවදාද?