by Staff Writer . 12-07-2022 | 10:22 PM
COLOMBO (News 1st ) - ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාට අයත් පෞද්ගලික නිවසක රැඳී සිටින බවට සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇති හඩ පටයෙහි කිසිඳු සත්‍යතාවක් නොමැති බව ගුවන් හමුදාව සඳහන් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් ගුවන් හමුදාව සඳහන් කළේ, මෙය ගුවන් හමුදාව සහ ගුවන් හමුදාධිපතිවරයාගේ කීර්ති නාමයට හානි කිරීම සඳහාත් ගුවන් හමුදාව කෙරෙහි මහජනතාව තුළ වෛරය හා ක්‍රෝධය පැතිරවීමේ පටු අවස්ථාවාදී අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහාත් පළකරන ලද ප‍්‍රවෘතියක් බවයි.