ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදා භාරයට

උතුරු මුහුදේදී ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදා භාරයට

by Staff Writer . 12-07-2022 | 11:16 AM

COLOMBO (News 1st); උතුරු මුහුදේ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

නාවික හමුදාව පැවසුවේ, මෙරටට අයත් මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදුකරන ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා පළවා හැරීමේ විශේෂ මෙහෙයුමක් ඊයේ උතුරු මුහුදේ ක්‍රියාත්මක කළ බවයි. එහිදී ට්‍රෝලර් යාත්‍රාවක් සමඟ එහි සිටි ඉන්දීය ධීවරයින් 06 දෙනෙකු සිය භාරයට ගත් බව නාවික හමුදාව සඳහන් කළේ ය. එම පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතයි.