අලුත් හෙට්ටිවීදියේදී කිඹුලාඇලේ ප්‍රදීප්ට වෙඩි

අලුත් හෙට්ටිවීදියේදී කිඹුලාඇලේ ප්‍රදීප්ට වෙඩි

by Staff Writer . 12-07-2022 | 3:24 PM

COLOMBO (News 1st);  කොළඹ, අලුත් හෙට්ටිවීදියේ වෙඩි තැබිමකින් කිඹුලාඇලේ ප්‍රදීප් නමැති සංවිධානාත්මක අපරාධකරු තුවාල ලබා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිතීඥ නිහාල් තල්දුව මහතා පැවසුවේ, අද දහවල් 12 ට පමන කිසියම් පුද්ගලයෙකු ඔහුට වෙඩි තබා ඇති බවයි. වෙඩි තැබිමෙන් පසු තුවාලකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඔහුගේ උදරයට වෙඩි වැදී ඇති බවයි.