News1st මාධ්‍යවේදීන්ට පහරදීම:මානවහිමිකම් පරීක්ෂයක්

News 1st මාධ්‍යවේදීන්ට පහර දීම: මානව හිමිකම් කොමිසමෙන් පරීක්ෂණයක්..

by Staff writer 11-07-2022 | 5:08 PM

COLOMBO(News 1st) –  නිව්ස් ෆස්ට් මාධ්‍යවේදීන්ට පහරදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ , තම නිලධාරින් රෝහල් වෙත ගොස් දැනටමත් තුවාල ලැබූ මාධ්‍යවේදීන්ගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇති බවයි. මෙම සිද්ධිය පිළිබඳව වෙනමම පරීක්ෂණයක් ලෙස පැවැත්වෙන බව මානව හිමිකම් කොමිසම ප්‍රකාශ ක‌ළේ ය. පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරියා කැඳවීමට අපේක්ෂා කරන බව එම කොමිසම නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. ඒ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොමේෂ් ලියනගේ මහතා අදාළ ස්ථානයේ රාජකාරියේ යොදවා තිබූ අතර ඔහු කටයුතු කරනු ලැබුවේ, කාගේ නියෝගය හා අධීක්ෂණය යටතේ ද යන්න සොයා බැලීම සඳහා ය. මේ සම්බන්ධයෙන් පොලිසියේ වාර්තාවක් කැඳවීමට ද මානව හිමිකම් කොමිසම පියවර ගෙන තිබේ.