ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

by Staff writer 11-07-2022 | 11:41 AM

COLOMBO (News 1st) – අද (11) සිට කිලෝග්‍රෑම් 12.5 ලිට්‍රෝ ගෑස් සිලන්ඩරයක් රුපියල් 50 කින් මිල ඉහළ නංවා තිබේ.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ එහි නව මිල සටහන් වන්නේ රුපියල් 4,910 ක් ලෙසිනි. අද (11) සහ හෙට දිනයන්හිදී කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ගෑස් බෙදා හැරීම සිදුකරන අතර 13 වැනිදා සිට අනෙකුත් ප්‍රදේශවල ගෑස් බෙදා හරින බව ලිට්‍රෝ සමාගම පැවසී ය. එම සමාගම සඳහන් කළේ, අනවශ්‍ය ගෑස් තොග රැස්කිරීම වැළැක්වීම පිණිස මිලදී ගන්නා අවස්ථාවේදී මැයි මස විදුලි බිල්පත ඉදිරිපත් කළ යුතු බවයි. මෙරටට රැගෙන ආ මෙට්‍රික් ටොන් 3700 ක ගෑස් තොගයේ බෙදාහැරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර එහි සභාපති මුදිත් පීරිස් මහතා පැවසුවේ අද සහ හෙට අදාළ ගෑස් තොගයෙන් 70% ක්ම කොළඹ නගරය ආශ්‍රිතව බෙදාහැරීමට සැලසුම් කර ඇති බවයි. මේ අතර අද රාත්‍රි ගෑස් මෙට්‍රික් ටොන් 3700 කට ආසන්න ප්‍රමාණයක් රැගත් නෞකාවක් මෙරටට ළඟා වීමට නියමිත බව ද ඔහු පැවසී ය. එම ගෑස් තොගයෙන් 30 %ක් කොළඹ දිස්ත්‍රික්කය තුළ හා ඉතිරිය සෙසු ප්‍රදේශවලට ද බෙදාහැරීමට නියමිතව තිබේ.