මාතෘ භූමියට නායකත්වය ලබා දෙන්න අපි සූදානම් - සජිත්

මාතෘ භූමියට නායකත්වය ලබා දෙන්න අපි සූදානම් - විපක්ෂ නායක

by Sagarika Chathumali 11-07-2022 | 2:01 PM

COLOMBO (News 1st); මාතෘ භූමිය රැක ගැනීමට ත් මාතෘ භූමියට නායකත්වය දී රටේ ආර්ථිකය ගොඩ නැංවීමට ත් සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

මාධ්‍යට ප්‍රකාශයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පැවසුවේ, රට ස්ථාවර කිරීමේ, රටේ ආර්ථිකය ගොඩ නැංවීමේ වැඩපිළිවෙළට නායකත්ව ලබ දීමට විපක්ෂය සූදානම් බවයි. තව ද ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ සහ පොහොට්ටු ආණ්ඩුවේ ජනවරම අවසන් බව පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ, ඔවුන් එක්ව ලස්සන මාතෘ භූමිය විනාශ කර දැමූ බවයි. ජනාධිපතිවරයා, අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පත් කිරීම හැර වෙනත් විකල්ප විසඳුමක් නොමැති බවත් ඊට විරුද්ධ වන හෝ පාර්ලිමේන්තුවේ සිට කවුරුන් හෝ කඩාකප්පල්කාරී ක්‍රියවක් සිදු කරන්නේ නම්, එය දේශද්‍රෝහි ක්‍රියාවක් ලෙස සලකන බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේ ය.
''අපි සූදානම් මාතෘ භූමිය රැක ගන්න මාතෘ භූමියට නායකත්වය ලබා දෙන්න. රටේ ආර්ථිකය ගොඩ නගන්න... මව් බිමට ජය වේවා...! ජනතාවට ජය වේවා...! අරගලයට ජය වේවා..!''