COLOMBO(News 1st) – මෙම අවස්ථාවේ රටේ පාලනය භාරදුන හොත් එය භාර ගැනීමට සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක පවසයි.
අනුර කුමාර දිසානායක මේ බව පැවසුවේ, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යට අදහස් දැක්වූ අවස්ථාවේ මාධ්‍යවේදියෙකු සිදුකළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු ලෙසයි.
''මේ කිසිවක් බියගුලුකමින් දමා යාමට සූදානම් මිනිස්සු නෙමෙයි අපි. මේ වගකීම භාර භාර ගන්න සූදානම් මිනිස්සු. හැබැයි ඔබ දන්නවා මේ පාර්ලිමේන්තුවේ අපි නියෝජනය කරන්නෙ තුන්දෙනයි. එසේ වුවත් අපිට අපේ උවමනාවන් සහිත කණ්ඩායමක් පත් කර ගැනීමේ අයිතිය අපිට දෙනව නම්, අපි ලෑස්තියි. මේක අපි ගෝඨාභය ජනාධිපතිවරයා පළවා හරින්න කලින් ම අපි කිව්වා. ඒක කිසිසේත්ම වෙනස් කරලා නැහැ. අපි සූදානම්''
මාධ්‍යට අදහස් දක්වමින් දිසානායක මහතා වැඩිදුරටත් පැවසුවේ, කෙසේ වෙතත්මේ වනවිට ජනතාවගේ කැමැත්තත් පාර්ලිමේන්තුවත් අතර පරස්පරයක් නිර්මාණය වී ඇති බවයි.
''ජනතා කැමැත්ත සාධාරණ ලෙස පිළිඹිබු විය හැකි නව පාර්ලිමේන්තුවක් අපි ඇති කර ගත යුතුයි. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ ගති ලක්ෂණය. මෙ ජනතා නැගිටීමට සම්බන්ධ වුණු විවිධ පාර්ශව ඉන්නවා. ඒ හැම පාර්ශවයකටම තමන්ගෙ නියෝජිතත්වය තමාගේ මතවාදය ඉදිරිපත් කිරීම හරහා නියෝජනයක් ලබාගත හැකියි''
යල්පැන ගිය, අවලංගු වූ තවදුරටත් ජනමතය පිළිඹිබු සාධාරණ ලෙස පිළිඹිබු නොවන පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බව සහ ඒ සඳහා නිශ්චිත කාල රාමුවකට පැමිණීම අවශ්‍ය බව ත් එකී නිශ්චිත කාල රාමුවේදී ඕනෑම වගකීමක් භාර ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් බව ත් ජවිප නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
''මොකද අපි හිතන්නෙ නෑ, අග්‍රාමාත්‍යවරයෙක් හෝ ජනාධිපතිවරයෙක් බිහිවිය යුතුයි කියලා කුමන්ත්‍රණ, ගේම් හෝ ඩීල් ඇතුළෙ, සිදුවිය යුත්තේ ජනතා ජනවරම තුළයි''